Tuesday, August 29, 2017

A trail of destruction bastard Mahinda left behind!

A very creative and sarcastic comment appears in lanka C news to a post on the former president Chandrika's recent comment on educational qualifications of her successor and the members of his family. The comment has been made by one Pinguttara

In nutshell, Hora Mahinda's predecessor, president Chandrika finally rescued the country with her timely intervention bringing back a leader, a son of a farmer, a true visionary who is now taking the country on a massive development path never seen before. In fact, the stunning achievements made, especially in the war front, by the former president Chandrika were totally ruined by her successor. A fraction of massive destruction Hora Mahinda did during his a decade long tenure to the water resource of the country is as follows!

අඳුරු දශකයේ මෘගයා කල මහා ජල විනාශය..!!!
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යයක් විය. 2005 වසර උදාවන විට දූපත තිබුනේ සෞභාග්‍යය පිරී ඉතිරී දෝර ගලන අසිරිමත් සමයකය. වෙඩි හඩ අසන රිසි දනෝ සිටියේ රතිඤ්ඤා පුපුරවමින්ය. කළාතුරකින් හමුවන මඳුරුවෙක් මැරුවොත් මිස ලේ පැහැය දකින්නට නොවීය. ජලයෙන් විදුලියෙන් මාර්ග පද්ධතිවලින් රට ස්වයංපෝෂණය වී තිබුනි.
ඒ පුන්‍යවන්ත මිනිසුන් සිටි මේ සුන්දර දූපතට අභාග්‍යයේ කළු කිරණ මතුවන්නේ පිරබාහරන් නම් උතුරු කොටසේ පින් දහම් කරමින් සිටි උපාසක මහතා රවටා ඩීල් දැමූ රාජපක්ෂ නම් මුර්ගයෙකු දූපතේ බලය කොල්ලකෑ පසුය. මේ මෘගයා පැමිණි දා සිට කෙරුවේ විනාශයන්ය. අළුගුත්තේරුකම්ය.
මෘගයා එම අදුරු දශකයේ කල අමන ක්‍රියා අතර නිදහසේ මුහුදට ගලමින් තිබූ සුන්දර ගංගා ඇල දොල හරස්කර කෙහෙල්මල් කොන්ක්‍රීට් බැමි, උමං සදා පරිසරය විනාශ කර දැමීම කැපී පෙනෙයි. මේ දූපතට හිමි දීර්ඝ ඉතිහාසය සැලකීමේදී කෙටි කාලයක් තුල මේ අමනයා තරම් නිදහසේ ගැලූ ජලය සිර කල ජඩ රජවරු පවා හමුවන්නේ අතලොස්සකි.
මේ අඳුරු යුගයේ මෘගයා කල විනාශය කෙටියෙන් ලිස්ට් කලොත් මෙසේ දැක්විය හැකිය..
අඹන්ගඟ හරස් කරමින් මොරගහකන්ද ජලාශය
අඹන්ගඟේ කලුගඟ හරස් කරමින් කලුගඟ ජලාශය
යාන් ඔය හරස් කරමින් යාන් ඔය ජලාශය
වේලි ඔය හරස් කරමින් වේලි ඔය ජලාශය
කිරම ඔය හරස් කරමින් කැකිරිඕබඩ ජලාශය
දැදුරු ඔය හරස් කරමින් දැදුරු ඔය ජලාශය
කොත්මලේ ඔය හරස් කරමින් ඉහළ කොත්මලේ ජලාශය
මැණික් ගඟ හරස් කරමින් වෙහෙරගල ජලාශය
රඹකැන් ඔය හරස් කරමින් රඹකැන් ඔය ජලාශය
මලලආර හරස් කරමින් මව්ආර ජලාශය
අත්තනගලු ඔය හරස්කරමින් බස්නාගොඩ ජලාශය
උල්හිටිය ඔය හරස් කරමින් මොරාන ජලාශය
මස්‌කෙළිය ඔය හරස්‌කර බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලාශය
උමා ඔයේ පුහුල්පොළ ඔය හරස් කරමින් පුහුල්පොළ ජලාශය
උමා ඔයේ මහතැටිල්ල ඔය හරස් කරමින් ඩයරබා ජලාශය
කිරිඳිඔයේ අලිකොටආර හරස් කරමින් අලිකොටආර ජලාශය
කුඩා ඔය සහ දියබෙත්ම ඔය හරස්‌ කරමින් කුඩාඔය ජලාශය
අලිකොටආර ජලාශයේ වම් ඉවුර ඇල හරහා හදපානාගල ජලාශය
ඒ දැනට විනාශ කල විනාශ කරමින් පවතින "ප්‍රධාන" නිදහස් ජල ගැලීම්ය. ඊට අමතරව විශාල මධ්‍යම කුඩා ප්‍රමාණයේ වැව් අමුණු දහස් ගණනක් ස්වභාවිකව නෝමල් වෙන්නට නොදී ප්‍රතිසංස්කරණ විනාශයන්ද සිදු කිරීමට තරම් ඒ මෘගයා සැහැසි විය.
ඊටත් අමතරව ඉදිරි අවුරුදු කිහිපයේ තවත් ගංගා කිහිපයක ජලයටද බාධා කරන්න ඒ කුරිරු පාලනය ප්ලෑන් ගසා තිබුනි.
ඒ අතර ප්‍රධාන වශයෙන්.. කිවුල් ඔය හරස්කර කිවුල් ඔය ජලාශය, බදුලු ඔය හරස්කර තල්පිටිගල සහ රනැල්ල ජලාශ, නක්කල ව්‍යාපෘතිය, පරංගි ආරු ව්‍යාපෘතිය, මහවැලි වම් ඉවුර පහළ ද්‍රෝණි ව්‍යාපෘතිය, කච්චිගල්ආර ද්‍රෝණි ව්‍යාපෘතිය, පහළ දැදුරු ඔය ව්‍යාපෘතිය, කැලණි ගඟ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය, හැඩඔය ව්‍යාපෘතිය, මුන්දෙනු ආරු, රූගම්, කිතුල් වැව ව්‍යාපෘතිය වැනි විනාශයන්ගේ මූලික ප්ලෑන්ද අවසන් කොට තිබුනි.
නමුත් ඒ දූපතේ මිනිසුන් එතරම් අවාසනාවන්ත නොවුනි.
පරාක්‍රමබාහු මහසෙන් වසභ ධාතුසේන වැනි ඓතිහාසික කාළකණ්නින් සමඟ හරි හරියට හිටින සේ ස්වභාවික ජල මාර්ග විනාශ කල මෘගයා පලවා හැර සරල ගොවි පුතෙකුට රට භාර දෙන්නට රටවැසියෝ බුද්ධියෙන් මුහුකුරා ගියේය. දැන් ඒ ගොවි පුත්‍රයානෝ විකුම්සිහ නම් මහාප්‍රාඥයෙකුද හවුල් කර ගනිමින් ජනතාවට එම දූපතට 2005 සිට ක්‍රමයෙන් අහිමි වෙමින් ආ ශ්‍රී විභූතිය යලි කැන්දන්නට මහත් වෙර වීරිය දරමින් සිටී.

No comments: